සාර්ථකව පෘථිවියට ලැබුණු පස්

Share

දැනට හඳුනාගෙන ඇති සෞරග්‍රහ මණ්ඩලය භයානකම ග්‍රාහකය ලෙස සැලකෙන්නේ බෙන්නු යි.

එහි පස් සාම්පල රැගෙන ඒම සඳහා නාසා ආයතනය ඔසිරිස් රෙක්ස් යානය යවනු ලැබුවා.

එම යානය එහි පස් සාම්පල රැගෙන සාර්ථකව නැවත පෘථිවියට ගොඩ බැසීමට ඊයේ (24) සමත් වුණා.

ඒ වසර 7ක මෙහෙයුම අවසන් කරමිනුයි.

සෞරග්‍රහ මණ්ඩලයේ සිට කිලෝමීටර් මිලියන ගණනක් ඈතින් පිහිටි බෙන්නු ග්‍රාහකයේ මතුපිට පස් සහ දූවිලි එක්රැස් කර තැන්පත් කර ඇත්තේ ඔසිරිස් රෙක්ස් යානයට සම්බන්ධ කුඩා කැප්සියුලයක් තුළයි.

රොබෝ යානයට ලබා දී තිබුණ උපදෙස්වලට අනුව පෘථිවිය අසලට පැමිණ එම කැප්සියුලය පෘථිවිය දෙසට මුදාහරිනු ලැබුවා.

කැප්සියුලය පෘථිවි වායුගෝලයට ඇතුළු වනවාත් සමඟ එය අධික තාපය නිසා ගිනිගෙන තිබෙනවා.

කැප්සියුලය ආරක්ෂා වී ඇත්තේ ඊට සම්බන්ධ කළ තාප ආරක්ෂක පද්ධතියක් මගිනුයි.

අදාළ යානය මඟින් දුවිලි කොටස් ග්‍රෑම් 250ක් පමණ රැගෙන විත් තිබෙනවා.

මෙම පාෂාණ කොටස් මඟින් පෘථිවියේ ජීවය ඇති වූ ආකාරය සහ බෙන්නු ග්‍රාහකය ඉදිරි වසර 300 තුළ පෘථිවියේ ගැටීමට අවස්ථාවක් තිබේද යන්න සොයා බලන බවයි වාර්තා වන්නේ.

Read more

Local News