Tuesday, March 19, 2024.

මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක්

Share

මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට නීතිමය පියවර ගැනීමේ විශේෂ වැඩපිළි‍වෙළක් අද (23) සිට ඉදිරියට සති කිහිපයක් පුරා කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

රථවාහන අනතුරු අවම කරමින් විනයගරුක නීති ගරුක රියදුරන් බිහිකිරීමේ වැඩපිළිවෙළේ තවත් එක් අදියරක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මේ අනුව සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් සාමාන්‍ය වහානවලින් කොළඹ නගරය තුළ ස්ථානය කිහිපයක් ආවරණය වන පරිදි ගමන් කරමින් මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් නිරීක්ෂණය කරනු ලබන අතර ඉන් අනතුරුව මාර්ගයේ රාජකාරි කටයුතුවල යොදවා ඇති නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මගින් අදාළ වාහන නවතා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

 

Read more

Local News