ගාසා තීරයේ රෝහල් 3 කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඊශ්‍රායලය ගාසා තීරයේ රෝහල් 3 කට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ මේ වන විට ගාසා තීරයේ මිය ගිය සම්පූර්ණ සංඛ්‍යාව 11,000 කට ආසන්නයි.

උතුරු ගාසා තීරයට සෑම දිනකම පැය 4ක සටන් විරාමයක් ලබා දීමට ඊශ්‍රායලය එකඟතාවය පළ කර තිබෙනවා.

මේ අතර හමාස් ප්‍රහාරයකින් මිය ගිය සුජිත් බණ්ඩාර යටවරගේ දේහය ඔහුගේ නිවස වෙත ඊයේ රාත්‍රියේ රැගෙන එනු ලැබුවා.

Previous articleඅයවැයත් සමග ආහාර උද්ධමනය තවත් පහළ යාවී – වෙළද ඇමති නලීන් කියයි
Next articleICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි