ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

Share

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකර ඇති බවට ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තුවාලකරු වයස අවුරුදු 48 ක් වන සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාලකරු තම නිවස ඉදිරිපිට සිටිය දී නාදුනන පුද්ගලයෙකු පැමිණ වෙඩි තබා දිවගොස් තවත් පුද්ගලයෙකු විසින් පදවා ගෙන පැමිණි යතුරු පැදියකින් පලාගොස් ඇති බවට දැනට සිදු කරන ලද සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News