කුළුබඩු හා ඒ් ආශ්‍රිත නිෂ්පාදන අඩු මිලට ලබා දීමේ වැඩපිළිවෙලක්

Share

කුළුබඩු හා ඒ් ආශ්‍රිත නිෂ්පාදන අඩු මිලට ලබා දීමට, රජයට අයත් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.

දැනට වෙළෙදපොලේ සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමා තිබුනත් සංස්ථා නිෂ්පාදන නාමය යටතේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් අලෙවි කරනු ලබන කිසිදු ආහාර ද්‍රව්‍යක මිල අයුතු ලෙස ඉහළ දමා නැති බවත්, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන රැසක් අවම මිලක් යටතේ අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවත් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදිනි ගුණසේකරපැවසුවා.

Read more

Local News