මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක්

Share

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක මුදල් අයකැමිවරිය ලෙස සිටි කාන්තාවකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද (12) අළුයම වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක මීගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News