PHI අද හෙට සංකේත වැඩ වර්ජනයක – සභාපති උපුල් රෝහණ

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනය නිරතවීමට තීරණය කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ අසාධාරණයට ලක්ව සිටින උතුරේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 05 දෙනෙකුගේ සේවා අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව ඩෙංගු මර්දන කටයුතු ඇතුළු සියළු රාජකාරිවලින් අද සහ හෙට දිනයන්හිදී තමන් ඉවත් වන බව ද ඔහු සඳහන් කළේ ය.

 

Previous articleමානසික යෝග්‍යතාවය ද රියැදුරු බලපත් දීමේදී බලයි
Next articleඩිජිටල් පුස්තකාලයක් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම