අතුරු මාර්ගයක් අසල හාන්සිවී සිටි පුද්ගලයෙකු රිය අනතුරකින් මරුට

Share

දෙහිඅත්තකණ්ඩිය, මැදගම හේනානිගල උතුර අතුරු මාර්ගයේදී ඊයේ මැදගම දෙසසිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා හාන්සි වී සිටි පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ අවුරුදු 44ක නව මැදගම, දෙහි අත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා, වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා පිටවගිය අවස්ථාවේදී, මාර්ගය අයිනේ වාඩිවී උඩුකය ශරීර කොටස මාර්ගය මැදටවන්නට හාන්සිවී සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News