දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද සහ හෙට වැසි තත්ත්වයේ ඉහළ යෑමක්

Share

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද සහ හෙට යන දිනවල දී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉදිරි දින කිහිපයේ දී දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක තදසුළං බලාපොරොත්තුවන අතර අද දිනයේදී ඌව සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, අම්පාර, මාතලේ, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කළ හැක.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ සහ මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද නිවේදනයේ සඳහන් වෙයි. සමහර ප්‍රදේශවල විශේෂයෙන් සබරගමුව සහ දකුණු පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තරමක තදවැසි ඇති විය හැක.

 

Read more

Local News