පලාලි මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

චුන්නාකම්, යාපනය පලාලි මාර්ගයේ දී ඊයේ (27) සවස අනතුරක් සිදුව තිබෙනවා.

පලාලි දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් මාර්ගයේ නවතා තිබූ අත් ට්‍රැක්ටරයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් අත් ට්‍රැක්ටරයේ රියදුරු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක පුන්නාලකට්ටුවාන්, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියදුරු ද තුවාල ලබා තෙලිප්පලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබනවා.

Read more

Local News