දින 10ට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 186ක් අත්අඩංගුවට

Share

ගත වූ දින 10 තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයන්186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

මහබාගේ ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමත් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර නීති විරෝධී ක්‍රම මගින් උපයාගත් මුදල්වලින් ලබා ගත් බව කියන බහුදින ධීවර යාත්‍රා දෙකක් රාජසන්තක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබා දී තිබෙනවා.

Read more

Local News