ඉඩමක් වටා ඇද තිබූ විදුලි වැටක ගැටී පුද්ගලයෙකු මරුට

Share

මහියංගණය, 23 ඇළ ප්‍රදේශයේ දී අද (03) අළුයම පුද්ගලයකුට විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා සිය නිවස වෙත යමින් සිටිය දී නිවසක් ආසන්නයේ ඉඩමක් වටා ඇද තිබූ විදුලි වැටක ගැටීමෙනුයි ඔහුට විදුලි සැර වැදී තිබුණේ.

මෙලෙස දිවි අහිමිව ඇත්තේ වයස අවුරුදු 56ක 23 ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට යි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලිසිය වැඩිදුර විර්මශන ආරම්භ කර තිබෙනවා.

Read more

Local News