ඉදිරියේ දී අකුණු අනතුරු හා සුළි සුළං ගැන සැළකිලිමත් වන්න

Share

එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකාවට අකුණු සේම වායුගෝලීය කැළඹිලි සහ සුළි සුළං සහිත කාලගුණයක් අපේක්‍ෂා කළ හැකි වකවානුවක් වන බවත් මෙම කාලසීමාව තුළ දිවයින අවට සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වායුගෝලීය කැළඹීලි වර්ධනය විය හැකි අතර ඒවායෙන් සමහරක් සුළි සුළං දක්වාද වාර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අකුණු අනතුරුවලින් ශ්‍රී ලංකාවේ වර්ෂයකට පුද්ගල මරණ විශාල ප්‍රමාණයක් සිදු වේ.ලෝකයේ දැනට සිදුවෙමින් පවතින කාලගුණ සංසිද්ධීන් සැලකීමේ දී එමගින් වන හානි අවම කර ගැනීම සදහා පෙර සූදානම අත්‍යවශ්‍ය වේ.

එබැවින් ජනතාවට ඉදිරි මාස තුනේ දී සුළි සුළං හා අකුණු අනතුරු පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දීමක් කරනු ලැබේ.

 

Read more

Local News