මාරක රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් වතුපිටිවල හන්දියෙන් අත්තනගල්ල දෙසට හැරවීමේ දී නිට්ටඹුව දෙසට ධාවනය වූ ලොරි රථයක වම්පස බඳේ පසු පැදිකාරියගේ අබෑගය වැදීම හේතුවෙන් පසු පැදිකාරිය යතුරු පැදියෙන් ඇද වැටී ලොරි රථයේ පසුපස රෝදයට යට වීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පසු පැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 54ක කාන්තාවක්.

Read more

Local News