මාරක රිය අනතුරකින් 16 හැවිරිදි සිසුවෙක් මරුට

Share

ඊයේ දොඹගමුව ප්‍රදේශයේ දී තිදෙනෙකු ගමන් කල යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පැදිකරු හා එක් පසු පැදිකරුවෙකු බරපතල තුවාල ලබා පොල්පිතිගම රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 16ක් වූ ගලටවැව ප්‍රදේශයේ ශිෂ්‍යයෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News