දියේ ගිලී අතුරුදන් වීමක්

Share

නයාරු මුහුදු තිරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.

දියේ ගිලී අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 43ක් වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ඔහුගේ තවත් මිතුරන් සිව්දෙනෙකු සමඟ දිය නාමින් සිටියදී රළ පහරකට හසු වී ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇති අතර නාවික හමුදාවේ සහය ඇතිව කෝකිලායි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අතුරුදහන් වූ පුද්ගලයා සොයා විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

Read more

Local News