මනුෂ්‍ය ඝාතනයක්

Share

අක්මීමණ, ලබුදූව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදුකර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 43ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු හා ඔහුගේ සහෝදරයා සමඟ තවත් පිරිසක් ඇතිකරගත් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News