අයහපත් කාලගුණයෙන් පවුල් 3,518ක් පීඩාවට

Share

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පවුල් 3518කට අයත් පුද්ගලයින් ආපදාවට ලක්ව සිටින අතර අද (20) දිනයේත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවු තද වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිස්ත්‍රික් 7කට නායයාම් අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මක අතර ගංගා රැසක ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඒ අවට පදිංචිකරුවන් විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් අද දිනයේ වසා තැබීමට ද තීරණය කර තිබෙනවා.

Read more

Local News