තෙත්බිම් සංරක්ෂණය ගැන ජනපතිගේ අදහස

තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

දේශගුණික විපර්යාවලට මුහුණ දීමේදී සහ පරිසර සංරක්ෂණයේදී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටිමෙන් ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පරිසරය හා බැඳුනු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ට අවශ්‍ය අරමුදල් තමන්ම සොයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළ යුතු බවද සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටි‍යේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ 1st WLI Asia Oceania Conference 2024 සමාප්ති උත්සවයට එක් වෙමින්.

“පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සදහා තෙත්බිම් හා තෙත්බිම් මධ්‍යස්ථාන” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සමුළුවට ශ්‍රී ලංකාව, කොරියාව, මොංගෝලියාව, පිලිපීනය, ජෝර්දානය, මියන්මාරය, නවසීලන්තය, නේපාලය, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, තායිවානය, එක්සත් රාජධානිය යන රටවල් 15හි තෙත්බිම් උද්‍යාන 70 කට වැඩි සංඛ්‍යාවක අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයින් 100 කට ආසන්න පිරිසක් එක්ව සිටියා.

Exit mobile version