රොබෝ නිෂ්පාදනයට උපකාරී වන මකුළු විශේෂයක්

Share

ඉතා කුඩා මකුළු විශේෂයකට එක ස්ථානයක සිට ඔවුන්ගේ සිරුරේ ප්‍රමාණය මෙන් සය ගුණයක දුරක් පනින්නට හැකියාවක් ඇති බව සොයාගනු ලැබ ඇත.

ජීව විද්‍යාවේ සැඟවුන රහස් හෙළිකරන ඉහත කී ‘මකුළු පිම්ම’, ස්වභාව ධර්මයෙන් ප්‍රබෝධමත් වූ නවතම ‘රොබෝ’ නිෂ්පාදනයෙහිලා උපකාරී වනු ඇති බව මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයීය පර්යේෂකයෝ පවසති.

“රාජකීය පනින මකුළුවා” නොහොත් ‘ෆිඩිපස් රිජියස්’ ප්‍රකටව ඇත්තේ ගොදුර සඳහා නිවැරදිව ඒක එල්ලේ පැනීමේ ශක්තිය සහිත මකුළු විශේෂයක් ලෙසය.

පිමි පනිමින් ගොදුරු රැස්කරන මකුළුවන් විශේෂ දහස් ගණනක් අතර තවත් එක් විශේෂයක් වන මොවුන්, ලොව පුරා විවිධ රටවලදී හමුවෙයි.

දැළට හසු වූ සතුන් ගොදුරු කර ගැනීමට වඩා කඩිසරව දඩයමේ යෙදීම ඔවුන්ගේ ස්වභාවයයි. හිස මුදුනේ කුඩා ඇස් හතරක් ද, ඉදිරියේ විශාල ඇස් හතරක් ද සහිත ‘ෆිඩිපස් රිජියස්’ ඉතා තීයුණු පෙනීමක් සහිත ජීවියෙකි.

Read more

Local News