පදියතලාව, මීගස්වත්ත ප්‍රදේශයේ පාලු ඉඩමක නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමුවී තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
මියගිය පුද්ගලයා අවසන් වරට දම් පැහැති අත් කොට කමිසයක් සහ දුඹුරු පැහැති දිග කලිසමක් හැඳ සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පදියතලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.