ඉන්දීය කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි අංක එක

ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ කණ්ඩායම බවට ඉන්දීය කණ්ඩායම පත්ව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාවට මෙම ස්ථානය හිමිව ඇත.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති තුන්වැනි එක්දින තරගය ඉන්දියාව ජය ගැනීමත් සමග ඔවුන් මෙම ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ කණ්ඩායම බවට පත්ව ඇත.