WHO වඳුරු උණ හදිසි අවස්ථාවක් කරයි

Share

කොංගෝ ජනරජය ඇතුලු අප්‍රිකානු කලාපයේ පැතිර යන වඳුරු උණ හෙවත් Monkey Fox රෝගය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කොංගෝ ජනරජයේ සිඝ්‍රයෙන් පැතිරයන වඳුරු උණ වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 450 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කොංගෝ ජන රජයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ මෙම වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 450 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

වඳුරු උණ සම්ප්‍රේෂණය වන ක්‍රම 2ක් පවතින අතර ඉන් පළමුවැන්න වෛරසය ආසාදිත සතුන්ගෙන් සිදුවනවා.

මෙම රෝගය වැළඳුන පුද්ගලයෙකු සමඟ සමීපව සම්බන්ධ වීමෙන් සම්ප්‍රේෂණයවීම දෙවැනි ක්‍රමයයි.

විශේෂයෙන් ආසාදිතයන් සමඟ ලිංගිකව එකතුවීමෙන්, සමීපව කතා කිරීමේදී සිදුවන ආශ්වාසයෙන් පවා වෛරසය වැළදිය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මෙම රෝගයෙහි රෝග ලක්ෂණ ලෙස අධික උණ, හිසරදය, මස්පිඩු වේදනාව මෙන්ම සමේ බිබිලි සහ තුවාල දැමීම පෙන්වා දිය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව වඳුරු උණ වැළඳුන රෝගීන් 100 දෙනෙකුගෙන් 04 දෙනෙකුට මිය යාමට සිදුවනවා.

Read more

Local News