සියත ප්‍රවෘත්ති අංශයට තවත් සම්මාන 2ක් – නැගී එන වැඩසටහන් නිවේදිකාවත් සියතෙන්

Share

ICONIC AWARDS 2024 සම්මාන උළෙලේදී සියත ප්‍රවෘත්ති යළිත් සම්මානයට පාත්‍ර වුණා.

වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති වැඩසටහනට හිමි සම්මානය එහිදී හිමිකර ගත්තේ සියත ප්‍රවෘත්ති උපදේශක සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ ලියන කියන ටෙලිවැකියයි.

වසරේ ප්‍රවෘත්ති නිවේදකයා ලෙස ICONIC සම්මානයට පාත්‍ර වුණේ සියත ප්‍රවෘත්ති ජ්‍යෙෂ්ඨ කළමණාකරු උදය ශාන් ඉඩමෙගෙදරයි.

වසරේ නැගී එන නිවේදිකාවට හිමි සම්මානය සියත Tv නිවේදිකා කවී වික්‍රමසිංහ හිමිකර ගත්තා.

Read more

Local News