වවුනියාව බන්ධානාගාරයේ රැඳවියන්ට සිදුව ඇතැයි පැවසෙන හිංසන හා රැඳවියන්ගේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මානව හිමිකම් නිලධාරීන් අද (11) වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණ පරීක්ෂණ ආරම්භ කළේය.
වවුනියාව බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සිදුකරන කප්පම් ගැනීම්, රැඳවියන්ට සිදුවන විෂමාචාර සිද්ධින් පිළිබඳ වහාම පියවර ගතයුතු බවට රජයට බලකරමින් ඊයේ (10) වවුනියාව අධිකරණයේ සියලූම නීතිඥයවරු වවුනියාව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතවූහ.