මාරක රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

බදුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ යුධ හමුදාවට අයත් රථයක් යතුරු පැදියක ගැටී ඉදිරියට ධාවනය වී ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු, පසු පැදිකරු සහ ත්‍රිරෝද රථ රියදුරු බදුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී ත්‍රිරෝද රථ රියදුරු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 26ක් වන තල්දෙන, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News