මාරක රිය අනතුරකින් අවුරුදු 14ක දැරියක් මරුට

Share

සමන්තුරය දෙස සිට කාර්තිවු හන්දිය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු සහ ඔහුගේ දියණිය බරපතල තුවාල ලබා සමන්තුරය රෝහලට ඇතුලත් කිරීමේදී දියණිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දැරිය වයස අවුරුදු 14ක් වූ සමන්තුරය 10 ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News