නොච්චියාගම, වල්පලගම ප්‍රදේශයේ නිවසක ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අදාළ නිවසේ පවුල් ආරවුලක් ඇති බවට 119 මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීම සඳහා රාත්‍රී සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ලිපිනයට ගොස් තිබුණා.
එහිදී නිවසේ පුද්ගලයෙකු සිහිසුන්ව වැටී සිටියදී රෝහල් ගතකිරීමට කටයුතු කර ඇති අතර වෛදවරුන් විසින් පරීක්ෂාකර මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවට දන්වා තිබුණා.
මරණකරු වයස අවුරුදු 38 ක් වූ වල්පලගම, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මරණකරු තම බිරිඳ සමඟ බීමත්ව නිතර ආරවුල් ඇති කරගන්නා අයෙකු බවට හා අසල්වාසීන්ට බැණ වදින පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා.
බිරිඳ විසින් මරණකරුගේ කෑ ගැසීම වැළැක්වීම සඳහා රෙදි කැබැල්ලකින් ඔහුගේ කට වැසීමට යාමේදී සිහිසුන්වී ඇති බවට පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධියට අදාලව වයස අවුරුදු 42ක් වන මරණකරුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.