ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හිදී

Share

ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය පැවැත්වේ.

නුදුරේදී ඇරඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, එම සංවාදය පසුගියදා බෙයිජිං හිදී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් එය සංවිධාන කෙරිණ.

“සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම” එහි තේමාවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Liu Jianchao, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong, විඩියෝ ආකාරයෙන් එහිදී දේශන සිදු කළහ.

ලොව පුරා රටවල් 76ක දේශපාලන ප්‍රධානීහූ, රජයේ නියෝජිතයෝ, විද්වත්හූ සහ මාධ්‍ය නියෝජිතයෝ, මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් ඊට එක් වූහ.

“ගෝලීය දකුණ”ට අයත් චීනය ආරම්භයේ සිට ම දකුණු දකුණු සහ‍යෝගීතාව වෙනුවෙන් ක්‍රියාකාරී පෙනී සිටින්නෙකු මෙන්ම ඊට සහභාගිවන්නෙකු බව Liu Jianchao එහිදී පෙන්වා දුන්නා.

ගෝලීය දකුණේ රටවල් සමඟ සමීප වෙමින් ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම උදෙසා විශාල “ගෝලීය දකුණේ” ශක්තියක් එකතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද හෙතෙම පැවසීය.

Shen Haixiong සිය දේශනයෙන් පෙන්වා දුන්නේ, චීන මාධ්‍ය සමූහය චීනය සහ “ගෝලීය දකුණේ” රටවල් අතර හුවමාරු, සංවාද, අන්‍යෝන්‍ය ඉගෙනීම සඳහා පාලමක් ගොඩනඟනු ඇති බවයි.

එ‍සේම අන්‍යෝන්‍ය යහපත හා සහයෝගීතාව, සාධාරණත්වය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ “ගෝලීය දකුණ” විද්වත් හඬ වෙනුවෙන්, චීන මාධ්‍ය සමූහය සන්නිවේදන වේදිකාවක් සපයනු ඇතැයි ද, Shen Haixiong සඳහන් කළේය.

Read more

Local News