පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනූ ක්‍රිඩක ක්‍රිඩිකාවන් 06 දෙනෙකු සඳහා නිවාස

Share

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී නිමාවූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රිඩක ක්‍රිඩිකාවන් 06 දෙනෙකු සඳහා අඟුලාන “සයුරපුර” මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දීම සිදු කෙරුණි.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙනි.
එම ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කර ඔවුන්ගේ ඉදිරි ක්‍රිඩා කටයුතු ශක්තිමත් කර ගැනීම උදෙසා මෙම නිවාස ලබා දීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබුණි.
ඒ අනුව චතුරංග ලක්මාල්, ඉෂාන් බණ්ඩාර, අනුෂා දිල්රුක්ෂි, ඉන්දික චතුරංග, තිංවක සඳරුවන් හා දිනුෂා හංසනි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මෙලෙස නිවාස ප්‍රදානය කෙරිණි.

Read more

Local News