දිය නෑමට ගිය මව සහ දියණිය දියේ ගිලී මරුට

Share

දෙහිඅත්තකන්ඩිය නිකවතලන්ද ප්‍රදේශයේ පිහිටි මහවැලි වාරි ඇළක දිය නෑමට ගිය දෙදෙනෙකු අද (16) සවස දියේ ගිලී මියගිය බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.‍

මෙසේ මියගොස් ඇත්තේ 32 ක හැවිරිදි මවක සහ අවුරුදු 3 1/2 වයස ඇගේ දියණිය යි.

දෙහිඅත්තකන්ඩිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News