ගොඩකවෙල, අම්මඩුව ප්‍රදේශයේ දී ගසක අත්තක් වැදී දරුවෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 13ක් වූ රංවල, ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බවයි වාර්තා වන්නේ.
මියගිය දරුවා, ඔහුගේ පියා සහ තවත් පුද්ගලයෙකු දිරාගිය කොස් ගසක් කපා බිම දැමීමේදී එහි අත්තක් මියගිය දරුවාගේ හිසෙහි වැදීමෙන් මෙම මරණය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.