දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 10 හැවිරිදි දැරියක් මරුට

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙස සිට පාලටුව දෙසට ධාවනය වූ කාර් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් එම දිසාවට ම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කාර් රථයේ ගමන්ගත් එකම පවුලේ මව පියා සහ දියණියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් දැරියක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 10ක් වූ නූපේ, මාතර ප්‍රදේශයේ පදිංචි දැරියක්.

Read more

Local News