කැනඩා ආයතන දෙකක් හා එහි පුද්ගලයින් පිරිසකට එරෙහිව චීනයෙන් දැඩි ක්‍රියාමාර්ග

Share

‘චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතියේ’ විධිවිධාන අනුව කැනඩාවේ ආයතන 2ක් හා එහි පුද්ගලයින් 20කට එරෙහිව ප්‍රති ක්‍රියාමාර්ග ගැනීමට චීනය තීරණය කර ඇතැයි චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

මේ අනුව කැනඩාවේ ” උයිගුර් මානව හිමිකම් උපදේශන ව්‍යාපෘතිය” සහ ” කැනේඩියානු ටිබෙට් කමිටුව” යන ආයතන දෙකට අයත් චීනය තුළ ඇති වත්කම් සීමා කරන අතර එම ආයතන දෙක චීන සංවිධාන සහ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම, සහයෝගීතා පැවැත්වීම ද තහනම් කෙරෙනු ඇති.

එමෙන්ම කැනඩාවේ ” උයිගුර් මානව හිමිකම් උපදේශන ව්‍යාපෘතිය ” සහ ” කැනේඩියානු ටිබෙට් කමිටුව” යන ආයතන දෙකේ අදාළ පුද්ගලයින් 20 දෙනාට අයත් චීනයේ ඇති වත්කම් ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයින් 20 දෙනා සහ චීනයේ සංවිධාන හා පුද්ගලයන් අතර ගනුදෙනු මෙන්ම සහයෝගීතා පැවැත්වීම ද තහනම් කර ඇත. එමෙන්ම ඔවුන්ට හොංකොං සහ මැකව් යන කලාප දෙක ඇතුළුව චීන වීසා නිකුත් නොකෙරේ.

මෙම තීරණය 2024 දෙසැම්බර් 21 දින සිට බලාත්මක වනු ඇති.

Read more

Local News