මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරියෙක් ටිපර් රථයට යටවී මරුට

Share

හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය පොලිස් මාර්ග බාධකය අසල දී පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටියදී ටිපර් රථයක් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියා ටිපර් රථයද සමග ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් තිබූ ලොරි රථයක හා කාර් රථයකද ගැටී බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වූ භාතියගම, කන්තලේ ප්‍රදේශයේ පදිංචි හබරණ පොලිස් ස්ථානයට අනුයුක්ත රාජකාරි කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙකි.

Read more

Local News