සුනඛයෙකු නිසා සිදු වූ අනතුරකින් කුඩා දරුවෙක් මරුට

Share

පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් සුනඛයකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී, ත්‍රීරෝද රථය පෙරළී මාර්ගයේ ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු හා පිටුපස අසුනේ ගමන් කල දරුවෙක් තුවාල ලබා නොච්චියාගම රෝහල වෙත ඇතුලත් කිරීමේ දී එම දරුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12ක් වූ වැලිහේන, හලාවත ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

ත්‍රීරෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

Read more

Local News