කාත්තන්කුඩි, කල්ලඩි ප්‍රදේශයේ නිවසක් තුළ මිය ගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමුවී තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 48ක් වූ කල්ලඩි ප්‍රදේශයේ පදිංචි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් බවයි වාර්තා වන්නේ.
මරණකරුගේ සහෝදරයා විසින් නිවස අසලින් දුර්ගන්ධයක් හමන නිසා පරීක්ෂා කිරීමේ දී මෙලෙස මියගොස් සිට ඇති අතර මෘත ශරීරය බොහෝ සේ නරක් වී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.