හික්කඩුව මුහුදු තීරයේ දිය නෑමට ගිය විදේශීය ජාතිකයෙකු දිය වැලකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්වී තිබෙනවා.
අතුරුදහන්වී ඇත්තේ වයස අවුරුදු 19ක් වූ කැනඩා ජාතිකයෙකි.
මෙම විදේශිකයා දිය නෑමට ගිය ස්ථානයේ අනතුරු සංඥා ද යොදා තිබී ඇති අතර ඒ පිළිබඳ තැකීමක් නොකර මුහුදේ දිය නෑමට ගොස් ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.