පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 09.30ට ආරම්භ වුණා.
ඒ අනුව අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන්කර ඇත.
පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 11.00 – පෙරවරු 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර තිබේ.
ඉන්පසුව පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා රජය විසින් ගෙනඑන “ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වේ.