අනුරාධපුර දෙස සිට කවරක්කුලම දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් ධාවනය වූ කාර් රථයකට ඉස්සර කිරීමට යාමේ දී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්රක් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 19ක් වූ ගල්කුලම ප්රදේශයේ පදිංචිකරුවෙක්.