චාවකච්චේරිය, මූත්තියා වත්ත ප්‍රදේශයේ අලුත උපන් බිළිඳෙකු ළිඳකට දමා තිබෙනවා.
සිදුකල වැඩිදුර විමර්ශනයේ දී ලේ සහිත රෙදි කැබලි කිහිපයක් ළිඳ ආසන්න නිවසක් පිහිටි භූමියක වල දමා තිබිය දී පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ අනුව එම නිවසෙහි සිටි මියගිය දරුවාගේ මව බවට සැක කරන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 43ක් වන කයිතඩි ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.