කොස් ගසක අතු කපන්න ගිය 14 හැවිරිදි දරුවා විදුලිසැර වැදී මරුට

Share

හුරීගස්වැව, සුදර්ශනාගම ප්‍රදේශයේ දී දරුවෙකුට විදුලිසැර වැදී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක් වූ සුදර්ශනාගම, හුරීගස්වැව ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්.

මියගිය දරුවා නිවසට ආසන්න ඉඩමක කොස් ගසක අතු කපමින් සිටින අවස්ථාවක දී කොස් ගසක අත්තක් අසල පිහිටි විදුලි රැහැනක ගැටී ගසට විදුලිය කාන්දු වීම හේතුවෙන් විදුලිසැර වැදී මෙම මරණය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම දරුවා කොස් ගසෙහි අතු කැපීම සඳහා යොමු කරන ලද ආසන්න නිවසේ පදිංචි අවුරුදු 62 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News