කොළඹ පුත්තලම මාර්ගයේ කට්ටුව ප්රදේශයේ දී ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ වම් පස නවතා තිබූ බහාලුම් ප්රවාහන ලොරි රථයක පසුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 27ක් වූ කොච්චිකඩේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.