අහුන්ගල්ල වෙරළ තීරයේ දියනෑමට ගිය විදේශ ජාතිකයෙකු හා විදේශ ජාතික ගැහැණු ළමුන් දෙදෙනෙකු දිය වැලකට හසු වී ගසාගෙන යමින් සිටියදී, එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් විසින් ඔවුන්ව බේරාගෙන තිබෙනවා.
බරපතල තත්ත්වයේ සිටි වයස අවුරුදු 54ක් වූ යුක්‍රේන ජාතික පිරිමි පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර දිවි බේරාගත් ගැහැණු ළමුන් දෙදෙනා වයස අවුරුදු 13 හා 17 ක් වූ යුක්‍රේන් ජාතිකයින් වේ.