ප්‍රබල ලැව් ගින්නකින් පීඩා විඳි අමෙරිකානුවන්ට අද (30) තවත් ඛේදනීය අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා.
වොෂිංටන් ඉහළ අහසේ පියාසර කරමින් තිබු මගී ජෙට් යානයක් සහ හෙලිකොප්ටරයක් එකිනෙක ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පසු මගී ගුවන් යානය පොටෝ මැක් ගඟටයි කඩා වැටී ඇත්තේ.
දෛවෝපගත සිදුවීමක් වන්නේ මීට වසර 42කට පෙර මෙම ගඟටම බෝයිං වර්ගයේ මගී ගුවන් යානයක් කඩා වැටී 78 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබීමයි.
එම අනතුර සිදුව තිබුණේද ජනවාරි මාසයේ දීයී.