පෞද්ගලික වාහන ආනයනය සම්බන්ධව ගැසට් නිවේදනයක්

Share

පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ (2020) වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින්.

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට ඒ අනුව අවසර හිමි වනු ඇති.

ඊට අදාළ 2491744 දරන ගැසට් නිවේදනය ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන අයිතම සඳහා ඒ අනුව ආනයනයට අවසර හිමි වනවා.

මේ අතර ආනයනය කරනු ලබන පුද්ගලික මෝටර් වාහන සඳහා බලපවත්වනු ලබන සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් දක්වමින් ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා

2421-41-Jan-31-2024-LMVT-1

Read more

Local News