කළුතර පාලම යටදී කිඹුලෙක් පුද්ගලයෙකු ඩැහැගනී

Share

කළුතර පාලම යටදී ඊයේ (12) පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.

පැමිණිල්ල සිදුකළ පුද්ගලයා කළුතර පාලම මත රැඳී සිටින අවස්ථාවේ පාලම යට මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු එක් වරම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බව තමා දුටු බවට පවසා තිබෙනවා.

ඒ අනුව පොලිසිය විසින් කළ සෝදිසියේ දී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට සඳහන් ස්ථානයේ ගමන් බෑගයක් තුල තිබී කතරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙකුගේ හැදුනුම්පතක ඡායාරූපයක්, බැංකු පාස් පොත් දෙකක් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව ද දැනුවත් කර ඇති අතර හමුවූ ලේඛන සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News