ඇඹිලිපිටිය දෙස සිට පනාමුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී ඊයේ (13) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පිටුපස අසුනේ ගමන් කල බිරිඳ හා වයස අවුරුදු 1 හමාරක පිරිමි දරුවෙකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමේ දී රථයේ රියදුරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බිරිඳ හා පිරිමි දරුවා වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 37ක් වූ පනාමුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.