පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මස රුපියල් 27,000 ක් ලෙස සහ 2026 වසරේ සිට රුපියල් 30,000 ලෙස ඉහළ නැංවීමට නියමිතයි.
මේ සඳහා සේවායෝජකයින්ගේ සංගමය එකඟ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ පැවසීය.