මිද්දෙනියේ වෙඩි තැබීමක් – දියණිය හා පියා මරුට

Share

මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ කඩේවත්ත හන්දියයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

එහි ගමන් කළ දරුවන් දෙදෙනා තුවාල ලබා මිද්දෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දියණිය මියගොස් ඇති අතර පිරිමි දරුවා බරපතල තත්ත්වයෙන් ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක් හා දියණිය වයස අවුරුදු 06ක් පමණ වන ගල්පොත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News